මුලතිව් අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්ට ජනවාරි මස වැටුප මේ දක්වා ගෙවා නැත

සියලූ ම රජයේ පාසල්වල ගුරුවරුන්ගේ වැටුප් ගෙවන සාමාන්‍ය දිනය වන්නේ මාසයේ 20 වැනි දා ය.
එහෙත් මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් 55 ක ගුරුවරු 945 කට මේ දක්වා ජනවාරි
මාසයේ වැටුප ගෙවා නැත. ලංකාවේ අනෙකුත් සියලූ ම පාසල්වල ගුරුවරුන්ට පසුගිය 20 වැනිදා ජනවාරි
මාසයේ වැටුප ගෙවන ලද නමුත් මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් ගුරුවරුන්ට මෙසේ වැටුප්
ගෙවා නැත.

යුද්ධයෙන් දැඩි ලෙස පීඩනයට පත් ජනතාවක් වාසය කරන මේ ප‍්‍රදේශයේ ගුරුවරු ද එම දුෂ්කරතාවයන්ට
හා පීඩනයන්ට මුහුණ දුන් පිරිසකි. ඔවුන්ට නියමිත දිනට අදාළ වැටුප් නොගෙවීම ඔවුන් තව තවත්
දුෂ්කරතාවයන්ට පත් කරවන්නකි. ලංකා ගුරු සංගමය මේ පිළිබඳ ආණ්ඩුකාර ලේකම්වරයාට සහ පලාත්
අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දන්වා යවා ඇත.

මෙම ප‍්‍රදේශයේ ගුරුවරුන්ට වැටුප් වර්ධක ලැබීම, වැටුප් වැඩිවීමේ චක‍්‍රලේඛ කි‍්‍රයාත්මක වීම ද නියමිත පරිදි
සිදු නොවේ. ජනවාරි මස වැටුප මේ ගුරුවරන්ට තවමත් ගෙවා නොතිබීමෙන් එම තත්වය තවුරු වේ. මෙම
ගුරුවරුන්ගේ වැටුප් වහා ගෙවන ලෙසත් ඔවුන්ට දිවයිනේ අනෙකුත් පාසල්වල ගුරුවරුන්ට සේම වැටුප්
වර්ධක, වැටුප් වැඞීම් නියමිත වේලාවට ලබාදීමට කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය බලකර සිටී.

0 comments:

Post a Comment