ගුරු සහයකයින් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයට අන්තර්ග‍්‍රහනය කරන ලෙස බල කළ උද්ඝෝෂණය

2010/10/06 පෙ.ව 11.00 ට ඉසුරුපාය ඉදිරිපිට දී 





























ග‍්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට පරිබාහිරව ගුරු සේවයේ යොදවා ඇති ගුරු සහයකයින් එම ව්‍යවස්ථාවට අනුව ලබා ගන්නා සුදුසුකම් මත ගුරු සේවයට ඇතලත් කරගන්නා ලෙස බල කරන උද්ඝෝෂණයක් 2010/10/06 ලෝක ගුරු දිනය දා පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදි පැවැතවීණි.


මේ වන විට රු. 3,000 ක දීමනාවට පමණක් සේවය කරන මෙම ගුරු පිරිසෙන් වැඩි පිරිසක් ගුරු විද්‍යාලවලද පුහුණුව ලබති.

අඩු වැටුපකට සමාන සේවයක යෙදෙන මෙම ගුරු පිරිස වහාම ගුරු සේවයට ඇතුලත් කරන ලෙස ඉල්ලා මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

උතුරු මැද ගුරු මාරු මණ්‌ඩල රැස්‌වීමේදී ගත් සියලු තීරණ නොවැම්බර් 8දා තෙක්‌ බලරහිත කරයි

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු (දිවයින)

(ඔක්තෝබර් 31, 2010) උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විසින් කැඳවන ලද උතුරු මැද පළාත් ගුරු මාරු මණ්‌ඩල රැස්‌වීම හා එහිදී ගන්නා ලද සියලු තීරණ ලබන මස 08 වැනිදා තෙක්‌ බලරහිත කරමින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, සහ සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක්‌ කළකා බැලූ බන්දුල කරුණාරත්න හා කුමාර රත්නායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ එච්. කේ. එම්. ජිනපාල, උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් ආනන්ද කුලරත්න සහ උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර ලේකම් ආර්. එම්. එස්‌. බී. රත්නායක යන මහත්වරුන් නම් කොට ඇති අතර ඔවුනට ලබන මස 08 වැනිදා උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කෙරිණි.

මෙම පෙත්සමින් නම් කොට ඇති පළමු වග උත්තරකාර උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විසින් ඉකුත් 05 වැනිදා කැඳවනු ලැබූ ගුරුමාරු මණ්‌ඩල රැස්‌වීම හා එහිදී ගන්නා ලද සියලු තීරණ නීති විරෝධී බවත්, එම නීති විරෝධී ඒක පාර්ශ්වික ගුරුමාරු මණ්‌ඩල රැස්‌වීමේදී අනුමත කොට ඇති ගුරු ස්‌ථාන මාරුවීම් තුන්සියයද මුළුමණින්ම නීති විරෝධී බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා අධිකරණයට කරුණු දක්‌වමින් කියා සිටියේය.

එමෙන්ම පළමුවන වග උත්තකාර උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා උතුරු මැද පළාත් ආණ්‌ඩුකාරවරයාගේ හා උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගද නොසළකා හරිමින් හිතුවක්‌කාරී අන්දමින් කටයුතු කරන බවත්, ඔහු විසින් කැඳවනු ලැබූ නීති විරෝධී ගුරු මාරුමණ්‌ඩල රැස්‌වීමේදී ගන්නා ලද තීරණ හේතුවෙන් තම සේවාදායකයන් හට විශාල අසාධාරණයක්‌ සිදුවී ඇති බවත් නීතිඥ කරුණාරත්න හේරත් මහතා අධිකරණයට කරුණු දක්‌වමින් වැඩිදුරටත් පැවැසීය.

පෙත්සම්කාර ගුරු සංගම් නියෝජනය කරමින් ලංකා ගුරු සේවා සංගමය වෙනුවෙන් අරුණ දිසානායක, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය වෙනුවෙන් ආනන්ද අටුගොඩ හා සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය වෙනුවෙන් ටී. සබ්රි යන මහත්වරුද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ලංකා ගුරු සංගමයේ 53වන නියෝජිත සම්මේලනය ඔක්තෝම්බර් 29

අධ්‍යාපනයේ සම අවස්ථා වෙනුවෙන් සටන් වදිමු !

ලංකා ගුරු සංගමයේ 53වන නියෝජිත සම්මේලනය 2010 ඔක්තෝම්බර් 29 සිකුරාදා දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා හැටන් CWF ශාලාවේදී (හයිලන්ඞ්ස් විදුහල පිටුපස)

53වෙනි නියෝජිත සම්මේලනයේ සභාපති මණ්ඩලය

01. සී. ජයතුංග සහෝදරයා (සභාපති)
02. එස්. ත්‍යාගලිංගම් සහෝදරයා (උප සභාපති)
03. අයි. ජයසිංහ සහෝදරයා (උප සභාපති)
04. එච්. එම්. සමීන් සහෝදරයා (උප සභාපති)
05. වසන්ති දිසානායක සහෝදරිය (උප සභාපතිනී)

න්‍යාය පත‍්‍රය

01. පිළිගැනීමේ කථාව
02. සම්මේලනය නීත්‍යානුකූල කිරීමේ යෝජනාව
03. මිය ගිය ගුරු නායකයන් සහ කි‍්‍රයාධරයන් සිහි කිරීම
04. සභාපතිගේ කථාව
05. 2009/2010 නියෝජිත සම්මේලන වාර්තාව සම්මත කිරීම.
06. 2010-2011 ලේකම් වාර්තාව, යෝජනා සහ ඉල්ලීම් සාකච්ඡා කිරීම - සම්මත කිරීම
07. 2010-2011 වසර සඳහා සභාපති, ප‍්‍රධාන ලේකම්, හා ප‍්‍රධාන භාණ්ඩාගාරික තෝරා පත්කර ගැනීම.
08. 2009/2010 අයවැය සම්මත කිරීම.
09. වෙනත් යෝජනා
10. ස්තුති කථාව