ලංකාවේ ගුරුවරු කීයක් සිටිත් ද?

(දෙසැම්බර් 15, 2010)පස් වසරක් ඇතුළත ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු සංඛ්‍යාව සියයට 14 කින් වර්ධනය වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. 2005 වර්ෂයට සාපේක්‍ෂව 2009 වර්ෂය වන විට එම වර්ධනය වී තිබේ. එම වැඩිවීම 27380 කි. 2005 දී ගුරුවරුන් ගණන 189234 ක් විය. 2009 දී ගුරුවරුන් සංඛ්‍යාව 216614 ක් දක්වා වර්ධනය වී ඇත.

2010 වර්ෂයේදී ගුරුවරුන් 3238 ක් 2006 සිට 2009 දක්වා උපාධිධාරී ගුරුවරුන්ගේ වර්ධනය ද යහපත් ප්‍රගතියක් පෙන්වන බව අමාත්‍යාංශය කියයි. 2006 දී රජයේ පාසල්වල උපාධිධාරී ගුරුවරුන් 68705 ක් සිටියහ. ප්‍රතිශතය 33.57 ක් විය.

2009 දී එම ප්‍රමාණය 77223 ක් දක්වා වර්ධනය විය. ප්‍රතිශතය 35.75 කි. 2011 වර්ෂයට නවක ගුරුවරුන් 8874 ක් බඳවා ගැනීමට සැළසුම් කර ඇත. ගුරු හිඟය සහිත විෂයයන් ඉගැන්වීම සඳහා ඔවුන් යොමුකරන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

දිනමිණ, 200-12-15

අයෑදුම්පත් කැඳවා සම්මුඛ පරීක්‌ෂණ පැවැත්වුවත් ජාතික පාසල් රැසක තවමත් පුරප්පාඩු පුරවා නැහැ, ලංකා ගුරු සංගමය කියයි

(දෙසැම්බර් 03, දිවයින) ජාතික පාසල් 87 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා මීට මාස කිහිපයකට පෙර අයදුම්පත් කැඳවා අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට සම්මුඛ පරීක්‌ෂණද අවසන් කර ඇතත් තවමත් විදුහල් රැසක පුරප්පාඩු පුරවා නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක්‌ නිකුත් කරමින් මේ බව පවසන එම සංගමය එහි මෙසේද සඳහන් කර ඇත.

ජාතික පාසල්වල විදුහල්පති තනතුරු දැරීමට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවට පත්වීම් ලද පිරිස්‌ ද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පත්වීම් ලද පිරිස්‌ ද සුදුසුකම් ලබති. මෙසේ සුදුසුකම් ලැබූවන් අදාළ පුරප්පාඩු විදුහල්පති තනතුරු සඳහා අයෑදුම් කොට සම්මුඛ පරික්‍ෂණවලට ද පෙනී සිට සියලු කටයුතු අවසන්ව තිබිය දීත්ණී ඉහත පුරප්පාඩු තනතුරු වල දේශපාලන හිතවත්කම් මත අවිධිමත් පත්වීම් ලැබූවන් කටයුතු කරති.

එසේම 2005 විදුහල්පති සේවයේ පැවති 2 II පන්තිය සඳහා පුරප්පාඩු 1918 ක්‌ සහ III පන්තිය සඳහා පැවති පුරප්පාඩු 2200 සඳහා තරග විභාගයක්‌ පවත්වා 2009. 11. 13 වැනිs දින පත්වීම් ලද විදුහල්පතිවරුන් බහුතරයකට අදාළ පත්වීමට අනුව පාසල් වල ස්‌ථාන ගත නොකිරීමෙන් ඔවුන් පාසල් ඉගැන්වීම් කටයුතු වල නිරත වෙති.

1999. 11. 07 වැනි දින අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියට උසස්‌වීම් ලැබූ 196 දෙනකු සිටියදී ඔවුන්ගෙන් පිරිසකට ද හිමි තනතුර ලබා නොදී එම තනතුරුවල වැඩ බලන නිලධාරීන්ට කටයුතු කිරීමට ඉඩ සලසා ඇත.

මේ ආකාරයට අධ්‍යාපනයේ ඉහළ තනතුරු සඳහා සුදුසුකම් ලත් පිරිස්‌ සිටියදී දේශපාලන හිතවත්කම් මත අවිධිමත්ව පත්වූවන්ට තනතුරු වල සේවය කිරීමට ඉඩ සැලසීම හරහා අධ්‍යාපනය බරපතල ලෙස දේශපාලනීකරණය වීම නතර කොට සුදුස්‌සන් අදාළ තනතුරුවලට පත්කොට අධ්‍යාපන පද්ධතිය විධිමත් කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටියි