අධ්‍යාපන යෝජනා ඉතිහාසයට පෙරවදනක්

ලෝක සිතියම තුළ අප හඳුනාගන්නා රාජ්‍යයන් අතර යම් පදනමක් සහිත ඓතිහාසික මානව ක‍්‍රම විකාශනයක් ඔස්සේ ගොඩනැගී ඇති රටක් ලෙස හැදෑරීමට ශී‍්‍ර ලංකාව වැදගත් වේ. වසර 500 කට ආසන්නව යටත් විජිත ආධිපත්‍යධාරීන් (එයින් වසර 150 ක් තිස්සේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය විසින් ඍජුව මෙහෙයවන ලද දේශපාලන හා රාජ්‍ය කි‍්‍රයාදාමයන්ගේ ඉතිහාස පරිච්ෙඡ්දයකින් පසු) අප දේශපාලන නිදහස ලබාගෙන 60 වසරක් ගතව ඇත. එනම් පශ්චාත් යටත් විජිත සන්දර්භයක දියත් වූ ජාතික දේශපාලන කි‍්‍රයාදාමයට, එහි රාජ්‍ය ව්‍යාපෘතියට හා ඒ රාමුව යටතේ විකාශය වූ සමාජ ගමනට 62 වසරක් ගතව ඇත.

ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනගමින්, පරිසරයත්, මානව සමාජයත් අන්‍යොන්‍ය වශයෙන් බැදුනු අවියෝජනීයව ගොඩනැගුණු ඉතිහාසයක් අපට උරුම වී තිබුණු බව අපි උගන්වමින් සිටිමු. භෞතික පරිසරයත් සමග පැවති රාජ්‍ය ප‍්‍රතිපත්තියථ පරිසර සම්පත් සමග බද්ධ වූ ආර්ථික පදනම, ස්වභාවික සම්පත් කෙරෙහි පැවති ආකල්ප, භූමි කළමනාකරණය හා ජල කළමනාකරණය ආදී ක්‍ෂෙත‍්‍ර අධ්‍යාපන විෂය හා බැදුනු නිපුණතාවලදී දැක්වෙයි.

ඕනෑම සමාජයක ගැටළු ඇතිවීම අනිවාර්ය ය. පරිණත සමාජ දේශපාලන ජීවිතයක් ගොඩනැගුණු සමාජයක විශේෂත්වය වන්නේ ගැටළු ඇති නොවීම නොව ගැටළු අර්බුද බවට පත්වීමට පෙර වේගයෙන් හා විධිමත්ව විසඳා ගැනීම උදෙසා අදාළ කි‍්‍රයාවලීන් සමාජ දේශපාලන - සංස්කෘතික ගර්භයන්ගෙන් දියත් වීමයි. එනමුත් සමාජයක ගැටළු විනාශකාරී ඝට්ටනබවට පත් වී, සමාජය දෙදරුම් කවමින්. ශිෂ්ටාචාරමය අර්බුද දක්වා දිවෙන විට, එයින් ගම්‍ය වන සරල සත්‍ය නම් එකී සමාජයට තම ගැටළු විසඳා ගැනීමට හැකියාවක් නොමැති බවයි. එවැනි කි‍්‍රයාවලීන් උත්පාදනය කර ගැනීමට සමාජය අසමත් බවයි. සමාජ දේශපාලන ජීවිතය දරුණු රෝගී තත්වයකට පිවිස ඇති බවයි. නිදහසින් පසු ගෙවී ගිය කාලය දකුණේ තරුණ කැරලි දෙකකින්ද දශක 3 කට ආසන්න කාලයක් තිස්සේ උතුරු නැගෙනහිර තරුණයන්ගේ යුද්ධයත් ඛේදනිය ලෙස සංලක්ෂිතය.

සම්ප‍්‍රදායික දේශපාලන චින්තනයේ මූලික පිළිගැනීම් ගැඹුරින් ප‍්‍රශ්න කළ යුතු අවධියකට අපි අවතීරණය වෙමින් සිටිමු. ශිෂ්ටාචාර තුළ ශිෂ්ටාචාර අර්බුදයක් දක්වා උග‍්‍ර වුණු ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික අර්බුදයන් විසඳා ගැනීමට ජාතික දේශපාලනය හා එහි නායකත්වය කෙරෙහි තැබූ විශ්වාසය හා අපේක්‍ෂා අළුත් වටයකින් විනාශ වෙමින් පවතී.

ඉතා සීමිත වශයෙන් වුවද පසුගිය වසර කීපය තුළ සිවිල් ව්‍යාපාර (වෘත්තීය සමිති ව්‍යාපාරය ගෙනගිය අයිතීන් දිනාගැනීමේ අරගල, මානව හිමිකම්, සිවිල් දේශපාලන අයිතීන්, මාධ්‍ය නිදහස, පරිසර ව්‍යාපාර යනාදී* විසින් සටහන් කරන්නේ ජාතික දේශපාලන නායකත්වයටත්, රාජ්‍යයටත් මේ අර්බුද විසඳීමට භාරදී පසෙකට වී බලා සිටීමට ජනතාව තවදුරටත් සූදානම් නොවිය යුතුය යන්නයි. පශ්චාත් - යටත් විජිත යුගයේදී ජාතික රාජ්‍ය ව්‍යාපෘතිය ඔස්සේ සිදුවූයේ ලංකාවේ ප‍්‍රජාතාන්තී‍්‍රය දේශපාලන ව්‍යුහයන්, පරිණත වී වඩ වඩා ජන සහාභාගී දේශපාලන සංස්කෘතියක් වර්ධනය වීම නොව අධිකාරීවාදී දේශපාලන සංස්කෘතියක් මුල් අල්ලා ස්ථාපනය වීමයි.

මේ ජාතික දේශපාලනයේ මෙහෙයවීම යටතේ ජාතික රාජ්‍ය ගමන්ගත් මාර්ගයේ ඍජු ප‍්‍රතිඵලයක් වන්නේ විවිධ සමාජ කණ්ඩායම්, සුළු ජනවර්ග, පීඩිත දිළිදු ජන කොටස් රාජ්‍යයත්වයෙන් බැහැර කොට සමාජයේ අද්දර සීමාන්ට තල්ලූ කිරීමත්, විශේෂයෙන්ම එහි එක් සුවිශේෂ පැත්තක් ලෙස රාජ්‍යය සකස් වී වර්ධනය වීමේදී ජනවාර්ගික රේඛාව ඔස්සේ තදබල ආන්තීකරණයක් සිදුවීමත්ය. මෙයින් සමාජය ඉරිතලා ගොස් පසුගිය දශක 3 ක කාලයක් තිස්සේ සමාජය හා රජය අතරත්, සමාජය තුළත් දරුණු පිපිරීම් සිදුවෙමින් පැවති අතර, රාජ්‍යයද මූලික පාර්ශ්වයක් වන මෙම විනාශකාරී ගැටුම් කළමනාකරණය කර ගැනීමට සමාජයට හා රජයට මග පෙන්වීමට ජාතික නායකත්වය මුළුමනින්ම අපොහොසත් විය. නමුත් අද වන විට ලෝකයේ සබුද්ධිකව කල්පනා කරන සෑම කෙනෙකුම පොදුවේ පිළිගෙන ඇති දෙයක් වන්නේ විනාශකාරී සිවිල් යුද්ධ ප‍්‍රයත්නයන් මගින් අපේක්ෂිත ප‍්‍රතිඵල ඉටුකර ගැනීමට හැකි නොවන බවයි. ලංකාවේ දෙමළ ජාතික ව්‍යාපාරය පරාජයට පත් කළ ද ජාතික ගැටළුවේ අර්බුදය විසඳී නැත; ගැටුමේ ස්වරූපය වෙනස් වී වඩාත් සංකීර්ණ සහ භයානක තත්වයකට පත්වෙමින් තිබේ. එය විසඳීමට දැවැන්ත අධ්‍යාපන කි‍්‍රයාවලියක් අවශ්‍ය වේ.
අද ලෝකයේ සියලූ ආකාරයේ සමාජයන් සිසාරා ආර්ථික, සාමාජික, සංස්කෘතික යන සියලූ ජීවන ක්‍ෂෙත‍්‍ර විනිවිද යන ජගත්කරණ කි‍්‍රයාවලිය අතිශයින්ම ප‍්‍රතිවිරෝධාත්මක ස්වභාවයන්ගෙන් යුක්තය. මෙහිලා මානව ශිෂ්ටාචාරය ලෝක පරිමාණයෙන් අනතුරේ හෙලන්නට සමත්, ලෝකයේ ප‍්‍රාග්ධන බල කේන්ද්‍රයන් විසින් මෙහෙයවනු ලබන අගතිගාමී කි‍්‍රයාවලීන්ගෙන් ජනතාව ආරක්‍ෂා කර ගැනීමට ජාතික නායකත්වය (වහසිබස් දෙසාබාන) හා රාජ්‍යය මුළුමනින්ම අපොහොසත් වී ඇතිවා පමණක් නොව, එකී ප‍්‍රාග්ධන සැලසුම් කිසිදු ප‍්‍රතිරෝධයකින් හෙට්ටුකිරීමකින් පවා තොරව ලංකාව තුළ කි‍්‍රයාත්මක කරන්නට බැඳී සිටින බල කේන්ද්‍රයන්ගේ හුදු ඒජන්තයෙක් හා සංවිධායකයෙක් බවට එය පත්ව සිටී. මෙහි අතුරුඵලයක් හැටියට දේශපාලනය මහා පරිමාණයෙන් මූල්‍යකරණයට භාජනය වී තිබේ.

මේ තතු යටතේ බැලූ බැල්මට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සේ පෙනෙන ජන්ද කි‍්‍රයාවලී හරහා අරුම පුදුම දෙයක් සිදුවෙනවා මෙන් ජනතාවට පෙනී යයි. තමන් ඓන්ද්‍රියව නියෝජනය නොකරන තමන්ගේ ඓන්ද්‍රිය නායකයන් නොවන විශේෂ බලවතුන් පිරිසක් දිගින් දිගටම පුදුමාකාර ලෙස තමන්ගේම කැමැත්තෙන් බලයට පැමිණ, තමන්ගේ ඉරණම සමග අතිශය වගීම් රහිත කී‍්‍රඩාවක යෙදෙනවාක් මෙන් ජනතාවට පෙනී යයි. ජාතික රාජ්‍ය කි‍්‍රයාවලිය විසින් අගතිගාමී ආකාරයට ඇතිදැඩි කර ගන්නා ලද සම්ප‍්‍රදායික දේශපාලන ප‍්‍රභූත්වය, දැන් ගුණාත්මක වශයෙන් අලූත් ඉමක් පැන (ඡන්ද කි‍්‍රයාවලිය තදින් මූල්‍යකරණය වීමත් සමග) අන්ත දූෂිත සහ පරපෝෂිත පැලැන්තියක් බවට පිරිහෙමින් සිටී. රාජ්‍ය (නිලබල) ප‍්‍රභූත්වය, මිලිටරි ප‍්‍රභූත්වය හා දේශපාලන ප‍්‍රභූත්වය එක පසෙකිනුත්, එම ප‍්‍රභූත්වයට පිටුපසින් සිට ඔවුන් මෙහෙයවීමට තරම් බලවත් පන්තිමය ව්‍යාපාරික ප‍්‍රභූත්වය හා අනෙක් පසිනුත් සිට දේශපාලන බලය ව්‍යුහයනය කරන ආකාරය අපට පෙනී යා යුතුය.

සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය, චිරස්ථායී සංවර්ධනය, (මානව සංවර්ධනය, සංස්කෘතික විවිධත්වය රැුකීම හා සංස්කෘතික ප‍්‍රගමනය යන මානව ගරුත්වයතහවුරු කරන, මානව ශිෂ්ටාචාරයේ අදියරක් සටහන් කරන මූලධර්ම පද්ධතිය (ප‍්‍රතිසංස්කරණවල ලිඛිතව සටහන් වුවද) ජාතික දේශපාලනයේ හා රාජ්‍යයත්වයේ න්‍යාය පත‍්‍රයෙන් බැහැර කෙරී ඇත.

සාමය යනු විවිධ සාධක රැුසක් සමග එකට වෙළී පවතින කි‍්‍රයාදාමයක් නිසා එම සාධකවලින් එකක් වුවද නොසලකා හැරීම එය සාක්ශාත්කරණයට බාධාවකි. අධ්‍යාපනය, රැුකියා අවස්ථා, ඉඩම්, භාෂා අයිතිවාසිකම් හා වෙනත් ප‍්‍රශ්න සුළු ජාතික දිළිදු කොටස්වලට (වඩාත් බරපතල බව අවධාරණය කරමින්) මෙන්ම මහජාතියේ පීඩිත කොටස් වලට පොදු අතර අත් වූ අවාසිය ඛේදනීය ය. අද අප මුහුණ පා සිටින්නේ ව්‍යාජ පොරොන්දු, නීතිය සාමය බිඳවැටීම, සාදාචාරධර්ම බිඳ වැටීම, හා දූෂණය භීෂණය ගහන සමාජයකටය. ජනතාව අතිශයින්ම දුර්මුඛ තත්වයකට පත්ව සිටින මොහොතේ ප‍්‍රධානම අවශ්‍යතාවය වන්නේ දුර දක්නා නුවණින් යුත් නායකත්වය යි.

ආණ්ඩුක‍්‍රමය කුමක් වුවද, බලය පැවරීම සඳහා යොදා ගන්නා ආදර්ශය කුමක් වුවත්, යම් යම් මූලික අයිතිවාසිකම් වෙනස් කළ නොහැකි ලෙසද, රට පුරාම බලපැවැත් විය යුතු ලෙසද නීතිගත කර ගත යුතුවේ. ඕනෑම අවස්ථාවක පනතක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්ට අනුකූලද යනු විභාග කර බැලීමට අධිකරණයට ඉඩ තිබිය යුතුය. අධිකරණය ස්වාධීන විය යුතුය. විධායක ජනාධිපති ධූරයේ අන්‍යොන්‍ය බලතල සංවරණය හා තුලනය වීම සඳහා සුදුසු ව්‍යවස්ථානුකූල විධි විධාන පැනවිය යුතුය. අදහස් ප‍්‍රකාශ කිරීමේ හා සමාගම් පිහිටුවීමේ නිදහස, විශේෂයෙන් එකඟ නොවීමේ නිදහස, නීතියෙනුත්, කි‍්‍රයාවෙනුත් සපුරා සහතික කළ යුතුය. භීෂණයෙන් තොරව සාමයෙන් ජීවත්වීමට සියලූ ජනතාවට තිබෙන අයිතිය පිළිගත යුතුය. සමස්ත ජනතාවගේම මානව අයිතිවාසිකම් සහතික කළ යුතුය. මර්දනකාරී නීති ඉවත් කළ යුතුය. තමන්ගේ විශ්වාසය දිනාගෙන සිටින හා තමන් ගරු කරන බලධාරී නියෝජිතයින් හා විවිධ ජනමාධ්‍ය මගින් උතුරු නැගෙනහිර තුළ පළාතටත් සෙසු පළාත්වලටත් බලය පවරා දීමේ අර්ථය හා අරමුණු සරල බසින් පැහැදිලි කර දුනහොත් බලය පවරාදීමේ මුළු සංකල්පය ජනතාව පිළිගනු නියතය.

තිරසාර පදනමක් මත පිහිටා ගහ කොල සතා සිවුපාවාට, පසට, ජලයට කිසිදු හානියක් නොවන අයුරින් ජන ජීවිතය සංවිධානය කිරීම සඳහා පුළුල් දෘෂ්ටියකින් නොවිධිමත් හා අවිධිමත් අධ්‍යාපනය ශක්තිමත් කළ යුත්තේ පටු ජාතිවාදයෙන් තොර, බහුජාතික සමාගම්වල උගුල්වල නොවැටී සියලූ ජන වර්ග නියෝජනය වන ජාතික ප‍්‍රතිපත්තියක් අධ්‍යාපන කි‍්‍රයාවලිය තුළ කි‍්‍රයාත්මක කිරීමෙන්ය. (සංවර්ධනයේදී තිරසාර සංවර්ධනයක් කෙරෙහි අවධානය යොමු කරන සංවිධාන පිහිටුවන ඊට දෘෂ්ටිමය නායකත්වයක් සැපයිය යුතුය) වර්තමානයේ පරිසර ක්‍ෂෙත‍්‍රයේ තීන්දු තීරණ ගන්නා වූ ප‍්‍රතිපත්ති සම්පාදකයින්ට, කි‍්‍රයාවට නංවන පරිපාලකයින්ට, පාසල් බලධාරීන්ට නිසි මාර්ගෝපදේශයන් සපයන්නේ නැත.

නීතිමය වශයෙන් පවතින සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරී පනත, වනසත්ව හා වෘක්ෂලාත ආඥා පනත, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත, ජාතික පාරිසරික පනත ආදිය පොතට සීමා නොවී සාදාචාරාත්මකව හා ආචාර විද්‍යාත්මකව ජනතාවට හා පාලකයින්ට සන්නිවේදනය වන අයුරින් නොවිධිමත් අධ්‍යාපනය පුළුල් කළ යුතුය.

නව අධ්‍යාපන පනතක් කෙරේ අවධානය යොමු කිරීමේදී අපගේ දැක්ම වී ඇත්තේ දැනට අධ්‍යාපන ක‍්‍රමය මෙහෙයවන ශී‍්‍ර.ල.අ.පරිපාලන සේවය, ශී‍්‍ර.ල.ගුරු අධ්‍යාපනඥ සේවය, ශී‍්‍ර.ල.විදුහල්පති සේවය හා ශී‍්‍ර.ල.ගුරු සේවය යන සේවාවන් වල සේවා ව්‍යවස්ථා පැහැදිලිව සම්පාදනය වී තිබියදී එම සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් ගෙන යන කි‍්‍රයාවලිය වෙනුවට මෙම සේවා ව්‍යවස්ථාවන් විධිමත්ව කි‍්‍රයාත්මක කිරීමෙන් අධ්‍යාපන පද්ධතිය තුළ ඇති වී තිබෙන බිඳ වැටීම වළක්වා ගත හැකිව ඇත.

සේවා ව්‍යවස්ථාවන් තුළ අදාල සේවාවන් සඳහා බඳවා ගැනීම්, උසස්වීම් පිළිබඳ පැහැදිලි නිර්ණායකයන් තිබියදී ඒවා උල්ලංඝණය කරමින් දේශපාලන හිතවත්කම් මත පත්වීම් හා උසස්වීම් පිරිනැමීම තුළ ඇති කඩා වැටීම පිළියම නව අධ්‍යාපන පනතක් ඇති කිරීම පමණක් නොවන අතර අවශ්‍ය වන්නේ සේවා ව්‍යවස්ථාවන් අකුරටම කි‍්‍රයාත්මක කිරීම බව අපි අවධාරණය කරමු.

එසේ වුවද නව පනතක සාකච්ඡාවට ප‍්‍රවිෂ්ඨවීම සංගමයක් වශයෙන් අපි අතපසු නොකරමු. එසේම 1994 ඇති කරන ලද ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ලද මාණ්ඩලික වරප‍්‍රසාද අහිමි කරමින් ගුරු සේවය හා විදුහල්පති සේවයට අත් කර ඇති තත්වය සඳහා පහත උදාහරණ කිහිපයද දැක්විය හැක.

ආපදා ණය නව වැටුප් තල අනුව නොගෙවීම, ශී‍්‍ර.ල.ගු.සේ. 2-සස, 2-ස හා 1 පන්තිය හා ශී‍්‍ර.ල.වි.සේ. 2-සස, 2-ස හා 1 පන්තිවලට අදාළ වන පරිදි පැවති මාණ්ඩලික තත්වය අහෝසි කිරීම, ඒ අනුව බලපාන සංයුක්ත දීමනා අහිමි කිරීම, මගින් ගුරු-විදුහල්පති වරු භූක්ති විඳි අයිතිවාසිකම් උදුරාගෙන ඇත. රා.ප.ච. 2/97 අනුව වැටුප් කප්පාදු කොට දීප ව්‍යාප්ත සේවා හා සමගාමීව පැවති වැටුප් පරිමාණ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අහිමි කළේය. 2/97 (සසස* රා.ප.ච. ලේඛනයෙන් ශී‍්‍ර.ල.ගු.සේ. හා ශී‍්‍ර.ල.වි.සේ. ඉවත් කොට ඇත. ශී‍්‍ර ලංකා මහ බැංකු වාර්තා අනුව ගුරුවරුන්ගේ වැටුප්වල මූර්ත අගය වේගයෙන් පහත වැටී ඇති බව ප‍්‍රකාශ විය.

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පද්ධතියේ ධනනිධි වාර්තාවේද (ී5 - 12) ඉන්දියාව, බංගලාදේශය, මැලේසියාව, තායිලන්තය හා දකුණු කොරියාව වැනි රටවල ගුරුවරුන්ගේ ප‍්‍රතිශීර්ෂ ආදායමේ අනුපාතයන් ලෙස ගත්කළ සාපේක්‍ෂව අඩක් පමණ හෝ ඊටත් අඩු වූ පහත් වැටුප් ශී‍්‍ර ලංකාවේ ගුරුවරුන්ට නියම වීම යන්නෙන් සඳහන් වී තිබේ. කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකරන ගුරුවරයා මෙලෙස බලයටපත් සෑම රාජ්‍යයකින්ම නොසලකා හැර තිබේ. පාසල් අධ්‍යාපනය ලබන සිසුන් වෙත ඍජු බලපෑම් එල්ල කරන නියමුවා ගුරුවරයා වුවද, ඔහුගේ ඇයගේ සේවය අවතක්සේරු කර තිබේ. 2007/20 ජාතික ගුරුමාරු ප‍්‍රතිපත්තිය නියමිත පරිදි කි‍්‍රයාත්මක නොවේ. සෑම කලාප කාර්යාලයකම සැලසුම් මණ්ඩලයක් තිබෙන මුත් නියමාකාරයෙන් ගුරුවරුන්ගේ තොරතුරු නොමැත. දේශපාලකයින්ගේ හා නිලධාරීන්ගේ අත්තනෝමතික මාරු කිරීම් නිසා පාසල් පද්ධතිය අයහපත් තත්වයට ඇද වැටෙයි. වාර්ෂික වැටුප් වර්ධක, හිඟ වැටුප් ආදිය නියමිත කාලයට ගුරුවරයාට නොලැබේ. නව වැටුප් චක‍්‍රලේඛවලට අනුව වැටුප් පරිවර්තනය කිරීමේදී බොහෝ අඩුපාඩු සිදුවේ. මාසිකව ලබා ගන්නා සොච්චම පවා හරියාකාරව නිරවුල්කර නැත. සාධාරණ වැටුප් ක‍්‍රමයක් ලංකා ගුරු සංගමය ඉදිරිපත් කළද රජය ඒ ගැන මුනිවත රකී.

වර්ෂ 2007 සිට ශී‍්‍ර ලංකාවේ පාසල් කි‍්‍රයාත්මක කරන නව සහශ‍්‍රකයේ පළමුවන විෂයමාලා ප‍්‍රතිසංස්කරණය සීඝ‍්‍රයෙන් වෙනස්වන වර්තමාන ලෝකයට ගැලපෙන විෂයමාලා කිහිපයක් පාසල් තලයට හඳුන්වා දී ඇති නමුත් දරුවාට නිපුණතාවක් අත්කර දීමට අවශ්‍ය කි‍්‍රයාකාරකම් දිසානුගත කිරීමට, ඉගෙනුම් ලාභීන් කේන්ද්‍ර කොට ගෙන මෙම කර්තව්‍යයේ නියැලීම සඳහා ගුරුවරයාට සංකීර්ණ වැඩ කොටසක් කිරීමට සිදු වී ඇත. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ සියලූ වගකිව යුත්තන් මෙම ගුරුවරුන් ගැනවත්, වර්තමාන අධ්‍යාපන ප‍්‍රවනතාවන්ට හා දෙස් විදෙස් අධ්‍යාපන තත්වයන්ට ගැලපෙන පරිදි පාසල තුළ කි‍්‍රයාත්මක වන නිපුණතා පාදක විෂය මාලාවේ ස්වභාවය පිළිබඳවත් අවබෝධ කරගෙන නොමැතිවීම කනගාටුවට කරුණකි. විෂයමාලා කේන්ද්‍රකොට ගත් ජාතික දැක්මක් අප රටේ මේ වන විටත් ගොඩ නැගීනොතිබීම, අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ වගකිව යුතු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ගොඩ නොනැගීම, අදාළ අංශ භාර නිලධාරීන්ගේ කැපවීම දුර්වල තත්වයක තිබීම විෂයමාලා හරහා පාසල් තලයේ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීම සඳහා විෂය මාලාව කේන්ද්‍රකර ගත් දර්ශනයක් බලදාරීන්ට නොතිබීම අවසන අධ්‍යාපන පරිහානියට හේතු කාරණා වී තිබේ.

විෂය මාලා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවට නැංවිම සඳහා ගුරුභවතුන් පුහුණු කිරීමේ වගකීම පැවරී තිබෙන කලාප හා කොට්ඨාස මට්ටමේ විෂය අධ්‍යක්ෂවරුන්ට හා ගුරු උපදේශකවරුන්ට ප‍්‍රමාණවත් දැනුමක් නොතිබීම නිසාම නව අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියට කනකොකා හඬන දිනය වැඩි ඈතක නොවේ. ප‍්‍රතිසංස්කරණ ඉතිහාසය තුළින් මෙම අසාර්ථක වීමට ඕනෑ තරම් සාක්ෂි සොයා ගත හැකිය. ගුණ නැණ බලෙන් යුතු නිලධාරීන්ට පත්වීමට වරම් නොලැබීමද මීට බලපාන ප‍්‍රධාන හේතු අතර වේ. අධීක්‍ෂණය හා නියාමනය නොමැතිව පාසල් දරුවන්ට විෂය මාලාවේන් ලැබෙන විපුල ඵල නෙලා ගැනීමට නොහැකි වී ඇත්තේ ආයතන ප‍්‍රධානීන් දේශපාලන හිතවත්කමට පත්වීම් ලැබීම හේතුවෙන්ය. ලංකා ගුරු සංගමය වන අපි දිගින් දිගට පෙනී සිටියේ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහාය. එබැවින් අපි අපගේ යෝජනා, අදහස් සහ ආකල්ප මෙසේ ඉදිරිපත් කරමු.

යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු සංශෝධන මොනවා ද ? එයට අදාලව කම්කරු පන්තියේ වගකීම

ඉහත සදහන් මතෘකාව යටතේ වෘත්තීය සමිති මහා සම්මේලනය සංවිධානය කරනු ලබන සංවාදාත්මක මාසික අධ්‍යාපනික වැඩසටහන,

දිනය - 2010-08-31
වේලාව - ප.ව 3.30 සිට - 5.30 දකිවා
ස්ථානය - රාජගිරිය MDDR ශ‍්‍රවණාගරයේදී

විශේෂ ආරාධිත දේශනය - එස්.ජී. පුංචිහේවා මහාතා